අගුණුකොළපැලැස්ස රැඳවියන් ඇරඹූ විරෝධතාව තවදුරටත්

අගුණුකොළපැලැස්ස රැඳවියන් ඇරඹූ විරෝධතාව තවදුරටත්

by Staff writer 24-11-2020 | 3:32 PM
COLOMBO (News 1st) : අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලක් මතට නැග ඊයේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. ඔවුන් විරෝධතාවයේ නිරත වන්නේ නිරෝධායනය සඳහා රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයට ගෙන ඒමට එරෙහිවයි. මේ අතර බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත පොකුර පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 5 දෙනෙකු යොමුකර ඇතැයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.