වෛද්‍ය සැපයුම් කාර්යාලයට ඇතුළු වීමට සීමා

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් කාර්යාලයට ඇතුළු වීම සීමා කෙරේ

by Staff writer 23-11-2020 | 10:16 PM

COLOMBO (News 1st) : සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් කාර්යාලයට ඇතුළු වීම සීමා කර තිබේ.

ඒ , ඊයේ දිනයේ වෛද්‍ය සැපයුම් කාර්යාලයේ සේවකයින්ගේ PCR පරීක්ෂණයන්ට ලක්කර තිබු පසුබිමකදී ය. මේ අතර අද පෙරවරුවේ සිට කුරුණෑගල මහ වීදිය ප්‍රදේශයට වාහන ඇතුළු වීම නවතා තිබේ. අප වාර්තාකරු පැවසුවේ , එම වීදියේ පිහිටි 100 කට ආසන්න වෙළඳසැල් වෙත පයින් ගොස් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැකි බවයි. කෙසේ වෙතත් අද දිනයේ අදාළ වීදියේ වෙළෙඳ සැල් රැසක් වසා දමා තිබුණි. මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛයාව 89 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්.ඩී.එච්.අයි. ප්‍රතාපසිංහ මහතා
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපි මේ වනවිට PCR 2442 ක් කරලා තියෙනවා. ඒ අය අතුරින් රෝගීන් 89 දෙනෙක් හමුවෙලා තියෙනවා. මේ අතුරින් 28 දෙනෙක් කොළඹ මහ නගර සභා සීමාව තුළින් මේ ප්‍රදේශයට පැමිණි අයවලුන්. නුවරඑළිය දිස්ත්‍රික්කකේ ගැටලුව මේ වතු ආශ්‍රිත ජනතාව ඉතා ඉහළ ජන ඝණත්වයක් තියෙනවා . ඉතින් ඒ ප්‍රදේශයට අපි කොළඹ ප්‍රදේශයෙන් කෙනෙක් පැමිණියොත් හඳුනාගැනීමත් අපහසුයි . පැතිරීමේ වේගයත් ඉතා ඉහළයි. සෙනසුරාදා හා ඉරිදා දිනවල නුවරඑළිය ප්‍රදේශයට ඇතුළුවන මාර්ගවල මුරකපොලු මාර්ග බාධකවල වාහන නතර කරලා ඒ එන මගීන්ගේ තොරතුරු අරගෙන කොළඹ මහනගර සීමාව ප්‍රදේශයේ එන අයගේ එතනදීම PCR සාම්පල ලබාගැනීමට කටයුතු කළා. ඒ අනුව සාම්පල ලබාගත් 50 න් 3 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා ඒ කියන්නේ 6% ක ප්‍රතිශතයක්. අනෙකුත් මාර්ග බාධකත් ඒ කියන්නේ හෙල්බොඩ මාර්ග බාධකයටත් අද සිට ඒ වැඩපිළිවෙළ යොදලා PCR සඳහා කණ්ඩායමක් යොදලා තියෙනවා. ඉදිරියේදී අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකත් කරලා වඩා කාර්යක්ෂව වැඩපිළිවෙළකට යන්න බලාපොරොත්තු වෙනවා.