by Staff writer 23-11-2020 | 3:01 PM
COLOMBO (News 1st) : 2019 සහ 2020 අධ්‍යන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අදින් ආරම්භ විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, Online ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි වේ.
මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41 500 කි.