මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘතයි

by Staff writer 23-11-2020 | 4:18 PM
COLOMBO (News 1st) : මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, හුදකලා තත්ත්වය ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි. ඒ අනුව සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් හෙට සිට සේවා සපයනු ඇති.