by Staff writer 23-11-2020 | 3:03 PM
COLOMBO (News 1st) – බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුවක් බවට වර්ධන වීමෙන් පසු එය නිවාර් යනුවෙන් හැඳින්වෙනු ඇති.
දැනට එම පද්ධතිය ස්ථානගතව ඇත්තේ ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 370 ක් පමණ දුරිනි.
ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දයාවේ තම්ල්නාඩු වෙරළ දෙසට මෙම පද්ධතිය ගමන්ගනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙ හේතුවෙන් උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද හා වයඹ පළාත්වලත් , මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 50 ත් 100 යත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි වේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර , උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ද ඇතිවනු ඇති.
මේ නිසා තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.