ආරක්ෂක නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනෙකු දැලේ

සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා හමුදා සාමාජිකයෙකු ලෙස පෙනී සිටි දෙදෙනෙකු දැලේ..

by Staff writer 22-11-2020 | 1:59 PM

COLOMBO (News 1st) – සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා හමුදා සාමාජිකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොල්පිතිගම, ගල්තැන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.