by Staff writer 22-11-2020 | 1:23 PM
COLOMBO (News 1st) – විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු අද දිවයිනට පැමිණියේ ය.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ , දෝහා කටාර් සිට පුද්ගලයින් 41 දෙනෙකු හා ඩුබායි සිට පුද්ගලයින් 52 කු දිවයිනට පැමිණි බවයි.
මෙම සියලු පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,193 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.
මේ අතර ඊයේ දිනය තුළ PCR පරීක්‍ෂණ 10,514 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.