බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්..

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්..

by Staff writer 22-11-2020 | 2:16 PM

COLOMBO (News 1st) – ගිනිකොණ දිග, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්මේන්තුව නිවේදනය කළේ , එය ඉදිරි පැය 24 - 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි. මෙම පද්ධතිය බස්නාහිර - වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු -නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවා ය.