කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට...

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට: Lockdown ප්‍රදේශයන්හි දුම්රිය ස්ථානවල නවත්වන්නේ නැහැ..

by Staff writer 22-11-2020 | 4:48 PM

COLOMBO (News 1st) - කාර්යාල දුම්රිය ධාවනය, හෙට(23) සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. එහෙත්, අදාළ දුම්රිය, හුදෙකලා(Lockdown) කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කරනු ලැබේ.. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දුම්රිය, මරදාන දෙමටගොඩ කැලණිය වනවාසල හොරපේ රාගම වල්පොල සහ බටුවත්ත දුම්රිය ස්ථානවල නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. හලාවත මාර්ගයේ ගමන් කරන දුම්රිය ද, මරදාන දෙමටගොඩ කැලණිය, වනවාසල හොරපේ රාගම පේරලන්ද කුරණ මීගමුව සහ කට්ටුව දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කරනු ලැබේ. මරදාන සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථානවල නතර කිරීමකින් තොරව කැලණිවැලි මාර්ගයේ ද හෙට සිට කාර්යාල දුම්රිය සේවා ආරම්භ වේ. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ පානදුර, දකුණු කළුතර, අලුත්ගම, හික්කඩුව, ගාල්ල, මාතර සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන දක්වා පමණි.