අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 12 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 12 ඉක්මවයි

by Staff writer 22-11-2020 | 1:11 PM

COLOMBO (News 1st) : අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා තිබේ.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි විසිහතර ලක්ෂ තිස් හත්දහස් අටසිය හැට නවයකි. පැය 24 ක් තුළ නව ආසාදිතයින් දෙලක්ෂ 4179 ක් හඳුනා ගෙන තිබේ. ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද අමෙරිකාවෙන් ය. එම සංඛ්‍යාව දෙලක්ෂ 61,751 කි. අමෙරිකානුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් සාමාන්‍ය පරිදි දෛනික කටයුතුවල නිරත වීම ඊට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. දිනක් තුළ මිලියනකයට අධික පිරිසක් අභ්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ගමන් කර ඇතැයි එරට ප්‍රවාහන බලධාරීන් පවසයි. නිවෙස් තුළට වී සිටින්නැයි නිකුත් කර ඇති උපදෙස් නොසළකා හරිමින් ජනතාව කටයුතු කිරීමත් සමග අමෙරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සතියක් තුළ මිලියනයකින් ඉහළ ගියේ ය. කැලිෆෝනියා ප්‍රාන්තයට ද යළි රාත්‍රී ඇඳිරි නීතිය පනවා තිබේ.