by Staff writer 22-11-2020 | 10:13 AM
COLOMBO (News 1st) – බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(23) විවෘත කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බවයි.
එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.
මේ අතර විවෘත කිරීමට පෙර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.