කොරෝනා මරණ 9ක්: දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

කොරෝනා මරණ 9ක්: දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

කොරෝනා මරණ 9ක්: දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

කර්තෘ Staff writer

22 Nov, 2020 | 7:34 am

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බව ඊයේ(21) රාත්‍රී 11.00ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද මෙයයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉන් තිදෙනෙකු කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි.

ඒ අනුව ,

1. කොරෝනා ආසාදනය සමග ඇති වූ නියුමෝනියාව තත්ත්වය සහ ආසාදන කම්පනය හේතුවෙන් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු

2. අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්ත්වය සමග වෛරසය ආසාදනය වීම හේතුවෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු

3. කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගියේ ය.

එමෙන්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෙනත් රොහල්වලට මාරුකර යැවීමෙන් අනතුරුවයි .

එසේම කොරෝනා නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගියේ ය.

ඔහු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීමෙන් අනතුරුව මුල්ලේරියා මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී මිය ගොස් තිබේ.

වෛරසය සමග ඇති වූ උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් වැල්ලම්පිටියේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් ද මිය ගියේ ය.

ඇය කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

කොරෝනා නියුමෝනියාව සහ ලේ විෂ වීම හේතුවෙන් 76 හැවිරිදි කාන්තාවක මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච් රෝහලට ඇතුළත් තිරීමෙන් අනතුරුවයි.

අනික් ආසාදිතයින් තිදෙනා නිවසේදීම මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඒ අනුව වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්, දියවැඩියාව , අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදීම මිය ගියේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]