විරෝධයට තුඩුදුන් පිළිමතලාවේ ඔරලෝසු කණුව

විරෝධයට තුඩුදුන් පිළිමතලාවේ ඔරලෝසු කණුව

by Staff writer 21-11-2020 | 10:25 PM

COLOMBO ( News 1st ) : පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද විරෝධය පළ කළහ.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඇගළුම් කම්හලක් විවෘත කිරීමේ අවස්ථාවක සිහිවටනයක් ලෙස එම ඔරලෝසු කණුවක් ඉදි කෙරුණේ 1992 වසරේදී ය. මෙය ඊයේ(20) රාත්‍රීයේ කඩා බිඳ දමා ඇති බව යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා තමන්ට බලය ලැබුණා කියලා මේ බලය අයුතු ලෙස භාවිත කරන්න එපා . මේ වටිනා හෝරා ස්ථම්භය මෙතන යළි ස්ථාපිත කරන්න. අපි දැක්කා කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැම්මා . ඒ වගේ දේවල් කරන්නේ නැතුව . මේ වගේ වටිනා තැන්, ලස්සන තැන් ආරක්ෂා කරන්න බලය දුන්නම් මේක පාලු සොහොනක් බවට පත් කරන්න එපා කියලා බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතාගෙන් අද විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, නගර සංවර්ධනය මූලික කරගනිමින් පදික වේදිකාවක් හා මාර්ග සංඥා කුළුණු ඉදිකිරීම පිණිස ඔරලෝසු කණුව ඉවත් කිරීමට පියවර ගත් බවයි. ඒ සඳහා නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබුණු බව ද සභාපතිවරයා පැවසුවේ ය.