රියාද්හී ලාංකිකයින් පිරිසක් කළ ඉල්ලීම..

රියාද්හී අසරණ වූ ලාංකිකයින් පිරිසක් කළ ඉල්ලීම..

by Staff writer 21-11-2020 | 10:00 PM

COLOMBO ( News 1st ) : සෞදි අරාබියේ රියාද් නුවර මාසා කඳවුරේ මාස 7 කට ආසන්න කාලයක රැඳී සිටින ලාංකිකයින් පිරිසක් නිව්ස්ෆස්ට් අමතමින් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියේ රැකියා ද අහිමිව අසරණව සිටින තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසය.

මෙම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 59 කි.
සෞදි අරාබියේ සිටින ලාංකික ශ්‍රමිකයෙක්.. අපි මේ කතා කරන්නේ රියාද් එම් මාසා කෑම්ප් එකේ සිට. මවුබිමේ ජනතාව මේ රැඳී සිටිනවා අවුරුදු දෙක හමාර මාස 6,7 ගැබ්බර අම්මලා රැඳී සිටිනවා. බබාල එක්ක අම්මා කෙනෙක් ඉන්නවා කරුණාකරලා ෆ්ලයිට් එකක් එවන්න අපිට රියාද්වලින් ටිකට් එකක් ලැබෙනවා. සෞදි අරාබියේ සිටින ලාංකික ශ්‍රමිකයෙක්.. අපි ගොඩක් මෙතන අසරණ වෙලා ඉන්නේ. අපි ඔයාලාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ. අපිට ෆ්ලයිට් එකක් එවන්න අනිවාර්යෙන් මෙතන ඉන්න ඔක්කෝම අසරණ වෙලා ඉන්නේ. දැනට අපි මෙතන අවුරුද්දයි මාස 8 ක් වැඩත් නෑ.
මේ අතර කොරෝනා හේතුවෙන් විදේශවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 417 දෙනෙකු දිවයිනට පැමිණි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය. සෞදි අරාබියේ සිට 42 ක් අබුඩාබි සිට 21 ක්, දෝහා කටාර් සිට 296 ක් සහ ඉන්දියාවේ චෙන්නායි සිට 58 ක් මෙලෙස පැමිණ තිබේ. ගුවන්තොටුපොළේ දී ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවත් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමුකළ බවත් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ය.