බස් කප්පම්කරුවන් සොයා වැටලීම්

පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම්

by Staff writer 21-11-2020 | 8:19 AM

COLOMBO (News 1st) - පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ලබා ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් ආරම්භ කර තිබේ.

මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළවල හා මහා මාර්ගවලදී මෙම කප්පම් ගැනීම් සිදු කරන බවයි. ඊට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.