ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..

ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන්ට අනතුරු ඇඟවීමක්..

by Staff writer 21-11-2020 | 8:11 PM

COLOMBO (News 1st) – අද රාත්‍රියේ සිට උතුරු , නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල දැනට ධීවර කටයුතුවල නිරත පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යා යුතු බවයි. හෙට සිට උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවමින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ය.