by Staff writer 21-11-2020 | 7:25 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු අද(21) පස්වරුවේ හඳුනා ගැනුණු අතර ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,537 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 319 කි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඒ අනුව මේ දක්වා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 13,590 ක් බවයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 5,873 ක් වන අතර මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 74 කි.