කාබුල් අගනුවර රොකට් ප්‍රහාරවලින් තිදෙනෙකු මරුට..

කාබුල් අගනුවරට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් තිදෙනෙකු මරුට

by Staff writer 21-11-2020 | 5:40 PM
COLOMBO (News 1st): ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. රොකට් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 21කි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවයි. ප්‍රහාරයේ වගකීම, මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් භාරගෙන නොමැත.