by Staff writer 21-11-2020 | 8:17 PM
COLOMBO (News 1st) – ලොව ප්‍රධාන පෙළේ රටවල් විශ්වවිද්‍යාල හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කොරෝනා එන්නත් පිළිබඳව යොමු කර ඇත්තේ විශේෂ අවධානයකි.
ඒ අතරින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදාබලන එන්නතට හිමිවන්නේ, වැදගත් ස්ථානයකි.
එහි ප්‍රධාන විමර්ශකවරිය ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය වෛද්‍ය මහේෂි රාමසාමි ය .
ආචාර්ය වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මිය ශ්‍රී ලංකාවේ උපත ලබා එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හැදැරූ තැනැත්තියකි.
ඇය කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදු කරන පර්යේෂණයේ ප්‍රධානියායි.
එන්නතේ සායනික කටයුතු සම්බන්ධයෙන් පළ වන වෛද්‍ය සඟරාවක් වන The Lancet හි වාර්තාවක ඇගේ නම ඉහළින්ම සටහන්ව තිබේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය බෝවන රෝග හා සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි ලබා ඇති තැනැත්තියකි.
රාමසාමි මහත්මිය දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ NHS භාරයේ ද සේවය කරයි.
මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරිය වන වෛද්‍ය මහේෂි එන්. රාමසාමි ගේ දෙමව්පියන්ද කීර්තිමත් විද්‍යාඥයින් ය.
ඇගේ මව වන මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි මහත්මිය කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන අතර, පියා විද්‍යාඥයෙකු වූ රංජන් රාමසාමි මහතායි.