අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මතයි..

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මතයි..

by Staff writer 21-11-2020 | 5:45 PM

COLOMBO (News 1st) –  අයවැය දෙවන වර කියවීම අද(21) වැඩි ඡන්ද 99කින් සම්මත විය.

ඒ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදීය. ඒ අනුව, පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 කි. පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව 18 වැනිදා සිට අද දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විය. ලබන සඳුදා සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.