අද සහ හෙට මගී දුම්රිය ධාවනය නොවේ...

අද සහ හෙට කිසිදු මගී දුම්රියක් ධාවනය වෙන්නේ නැහැ - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 21-11-2020 | 7:58 AM

COLOMBO (News 1st) - අද (21) හා හෙට (22) කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කාර්යාලීය දුම්රියන් පමණක් පසුගිය දිනවල ධාවනය වූ බවයි. සති අන්තයේ කාර්යාල නිවාඩු දින බැවින් එම සියලු කාර්යාලයීය දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, සති අන්තයේ සාමාන්‍ය කාලසටහන් පරිදි බස් ධාවනයට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව බස් ධාවනය වන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.