by Staff writer 21-11-2020 | 5:22 PM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමග බණ්ඩාරගම, අටළුගම ගම්මානයට අද පෙරවරුවේ සංචරණ සීමා පැනවිය.
ආසාදිතයින් හඳුනා ගැනුණේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ(20) අහඹු ලෙස සිදු කළ PCR පරික්ෂණවලින් ය.
අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට අටළුගම නගරයට පිවිසෙන ස්ථාන 6 ක් අවහිර කරමින් මාර්ග බාධක යොදා ඇති බවයි.
බණ්ඩාරගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් එම මාර්ග බාධකවල රාජකාරියට යොදවා තිබේ.
ආසාදිතයින් කිහිපදෙනෙකුට අයත් හොරණ නගරයේ පිහිටි අලෙවිසැල් කිහිපයක් ද වසා දැමීමට බලධාරීන් අද පෙරවරුවේ පියවර ගැනිණි.