by Staff writer 20-11-2020 | 4:18 PM
COLOMBO (News 1st) : සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැල්ලම්පිටිය - වෙන්නවත්ත කඳවුර සහ එම දෙපාර්තමේන්තුවට අයත් කටුනායක පිහිටි කාර්යාලයක් හුදෙකලා කර තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් මහතා ප්‍රකාශ කළේ, රියැදුරෙකු ලෙස සේවය කරන සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් වෙන්නවත්ත කඳවුර හුදෙකලා කළ බවයි.
කඳවුරේ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 70 ක පමණ පිරිසක් කඳවුරු තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර ප්‍රතිඵල ලැබීමට නියමිත බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් මහතා ප්‍රකාශ කළේ ය.
කටුනායක සිවිල් ආරක්ෂක බළකා කාර්යාලයෙන් ද කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හමුවේ එහි සේවය කරන පුද්ගලයින් 30 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබේ.