.webp)

''එන්නත නොමිලේ දෙන කල් අපි ජන අරගලයේ..'' - විපක්ෂ නායක
මේ අතර ලොව සමාගම් කිහිපයක් මේ වනවිට නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන එන්නත් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේ අවධානයට ලක් කළේ ය. විපක්ෂ නායකවරයා එහිදී විමසා සිටියේ, ලොව බොහෝ රටවල් එම සමාගම්වලින් එන්නත් ඇණවුම් කර තිබුණ ද වත්මන් ආණ්ඩුව එන්නත් ඇණවුම් කිරීමට උනන්දුවක් නොදක්වන බවයි. කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනෙකු දේශීය පැණි වෙළෙන්දන් බවට පත්ව ඇති බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ, කොරෝනා තත්ත්වය හමුවේ ජනතාවගේ මළ කඳන් උඩින් මුදල් ගරන කොරෝනා ජාවාරම් ලුම්පන් ධනපති පැළැන්තියක් නිර්මාණය වී ඇති බවයි. අවශ රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණ ලබා ගැනීම රජයේ වගකීමක් බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා පැවසුවේ, පොදු ජනයා වෙනුවෙන් එන්නත් නොමිලේ ලබා දෙන තෙක් සමගි ජනබල වේගය ජනතවාදී අරගලයක නිරත වන බවයි.