කොරෝනා ආසාදිත මවක් දරුවා සමග IDH රෝහලෙන් පැන යති

කොරෝනා ආසාදිත මවක් දරුවා ද සමග IDH රෝහලෙන් පැන යති

by Sagarika Chathumali 20-11-2020 | 8:44 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත මවක් වයස අවුරුදු දෙක හමාරක් වයසැති සිය ආසාදිත දරුවා ද රැගෙන ඊයේ රාත්‍රී IDH රෝහලෙන් පලා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසට ගොස්, දරුවා නිවැසියන්ට භාර දී පලා ගොස් ඇති බවයි. නිවැසියන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර මව සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.