COVID - 19 මෙරට නවතම තත්ත්වය

වාර්තා වූ ආසාදිතයින් අතරින් 305ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

by Sagarika Chathumali 20-11-2020 | 11:55 AM
COLOMBO (News 1st) : අද (20) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 439 දෙනෙකු වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් 437 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර ඉතිරි දෙදෙනා විදේශීය මුහුදු ආරක්ෂකයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු බවයි. හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන 305 දෙනා‌ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන 58 දෙනෙකු වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා කොළඹ මාළු වෙළඳපොළට සම්බන්ධ පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15, 324ක් වන අතර මේ වනවිට ඔවුන් අතරින් සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 9, 478 දෙනෙකි. මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18, 838ක් වන අතර ඉන් පුද්ගලයින් 12, 902 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව සහ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුද්ගලයින් 5, 867 දෙනෙක්  ප්‍රතිකාර ලබමින් සිටිති. කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (19) පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් දෙදෙනකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි දෙදෙනා කාන්තාවන් ය. එලෙස මියගොස් ඇති එක් කාන්තාවක් 27 වැනි වියේ පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය කොළඹ ජාතික රෝහලේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇයගේ මරණයට හේතු වී ඇත්තේ, කොවිඩ් 19 ආසාදනය වීම නිසා උත්සන්න වූ අක්මා රෝගී තතත්ත්වයක් බවයි. අනෙක් කාන්තාව 59 හැවිරිදි කළුතර පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය නිවසේදී මිය ගොස් ඇති ඇයගේ මරණයට හේතුව හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනය නිසා හටගත් පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනයයි. තවද කළුතර හල්තොට ප්‍රදේශයේ 86 හැවිරිදි පුද්ගලයෙකු ද නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයකි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 පිරිමි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කෝවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි. ඒ අනුව අද උදෑසන වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර අද (20) උදෑසන වනවිට විදෙස් රටවල සිට ලාංකිකයින් 66 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. ඊයේ (19) දිනය තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 316 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත. ඊයේ දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 10,356ක් සිදු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.