රිදියගම සෆාරි උද්‍යාන සිංහ පරපුරේ අලුත් ම සාමාජිකයින් (VIDEO)

by Sagarika Chathumali 19-11-2020 | 3:27 PM
COLOMBO (News 1st) : හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ ධේනුවක පැටවුන් තිදෙනෙකු ප්‍රසූත කර තිබේ. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ, අවුරුදු 9 ක් වයසැති ජර්මනියෙන් ලැබුණු සිංහ ධේනුවක මෙම පැටවුන් ප්‍රසූත කර ඇති බවයි. සිංහ පැටවුන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කළේ ය. මෙම සිංහ ධේනුව පසුගිය වසරේ ද පැටවුන් සිව් දෙනෙකු ප්‍රසූත කර තිබේ. හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, මේ වනවිට සෆාරි සත්ත්වෝද්‍යානයේ සිංහ ගහණය 14 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.