by Staff writer 19-11-2020 | 12:54 PM
COLOMBO (News 1st) - මෙරට ප්‍රථමවරට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් වකුගඩුවක් තුළ තිබූ විශාල ගලක් ඉවත් කිරීමට කළුතර, නාගොඩ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.
වෛද්‍ය ඉතිහාසයේ නව පරිච්ජේදයක් අරඹින් මෙරට ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් වකුගඩු තුළ ඇති විශාල ගලක් ඉවත් කිරීම සිදු කෙරුණි.
ශල්‍යකර්මය සිදු කළේ, කළුතර නාගොඩ රෝහලේ ඩී ශල්‍යාගාරයේදීය.
ශල්‍යකර්ම වෙනුවෙන් වොට් 140 ක අධිබල ලේසර් කිරණ භාවිත කර තිබේ.
මෙම ශල්‍යකර්මය සිදු කිරීමට මීට පෙර 8cm ප්‍රමාණය කැපුමක් සිදු කළ යුතුව තිබූ අතර ලේසර් කිරණ භාවිතය නිසා සිදු කළ යුතුව තිබුනේ මිලිමීටර් 4 ක කැපුමක් පමණි.
ශෛල්‍යකර්මය සිදු කළේ, වකුගඩු හා මෟත්‍ර ලිංගික ශල්‍ය විශේෂඥ වෛද්‍ය කලන පරණ පල්ලියගුරුගේ මහතා ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් සෞඛ්‍ය කණ්ඩායමක් විසිනි.
ශල්‍යකර්මයෙන් අනතුරුව රෝගියාට දින හතරක වැනි කෙටි කාලයකදී සුවය ලබා දෛනික දිවිපෙවතට හුරුවිය හැකි බව ද වෛද්‍යවරුන් පවසති.