by Staff writer 19-11-2020 | 1:26 PM
COLOMBO (News 1st) - මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදු වූ සුළු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඔවුන් මෙම කම්පනයට හේතු වූ තත්ත්වයන් පිළිබඳව පුළුල්ව පරීක්ෂා කරන බවයි.
ඊයේ පෙරවරු 9.28 ට පමණ එම කම්පනය වාර්තා විය.
පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ද එය සටහන් වූ බව අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේ ය.
මීට පෙර ද දිගන හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශය කළ පරීක්ෂණවලින් අනාවරණ වූයේ අස්ථාවර හුණුගල් ස්ථරයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.