පාසල් විවෘත කිරීම පිළිබඳ නිවේදනයක්

බස්නාහිර හා Lockdown ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් 23 සිට ඇරඹේ

by Staff writer 19-11-2020 | 12:07 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ, මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි.