දීඝවාපි කැණීම්වලින් ශෛලමය කරඬුවක් හමුවෙයි

දීඝවාපි කැණීම්වලින් ශෛලමය කරඬුවක් හමුවෙයි

by Staff writer 19-11-2020 | 12:39 PM

COLOMBO (News 1st) - අම්පාර, දීඝවාපිය දාගැබේ දකුණු සලපතළ මළුව ආශ්‍රිත කැණීමෙන් ශෛලමය කරඬුවක් හමු වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ, මෙය ඉතා වැදගත් සෙයා ගැනීමක් බවයි. කරඬුව විවෘත කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේදී සද්ධාතිස්ස රජු විසින් ඉදි කළ බව කියන දීඝවාපි දාගැබ මෙරට සොළොස්මස්ථානවලින් එකකි.