by Staff writer 19-11-2020 | 1:36 PM
COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභා සීමාවෙන් අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ, ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගත් බවයි.
මෝදර ප්‍රදේශයේ මහල් නිවාස ආශ්‍රිතව නිරෝධායනය වන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.
අද දිනයේත් පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගන්නා බව වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.