අමෙරිකාවේ COVID මරණ දෙලක්ෂ පනස් දහස් පනී

අමෙරිකාවේ COVID මරණ දෙලක්ෂ පනස් දහස් පනී

by Sagarika Chathumali 19-11-2020 | 11:52 AM
COLOMBO (News 1st) : ලෝකයම ගිල ගනිමින් සිටින කොරෝනා වසංගත ව්‍යාප්තියේ තවදුරටත් දරුණුම බලපෑමට ලක්ව සිටින්නේ, ලෝක බලවතුන්ගේ ලැයිස්තුවේ සිටින අමෙරිකා එක්සත් ජනපදයයි. අමෙරිකානු ඉතිහාසයට අමිහිරි සලකුණු එක් කරමින් වෛරස ව්‍යාප්තිය යළිත් රට තුළ ඉහළ යමින් පවතින්නේ, 250,000කට වඩා වැඩි පිරිසකගේ ජීවිත කොරෝනා වෛරසයට බිලි වී ඇති පසුබිමකදී ය. අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 11,873,727ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 256,254කි. ශීත කාලගුණ තත්ත්වයත් සමග නැවත වරක් එරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි නව ආසාදිතයින් රැල්ලක් නිර්මාණය විය හැකි බවයි.