by Sagarika Chathumali 18-11-2020 | 1:48 PM
COLOMBO (News 1st) : පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අද මේ බව ප්‍රකාශ කළේ, සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේ, කොවිඩ් පළමු රැල්ල මර්දනයට සක්‍රීය දායකත්වයක් ලබා දුන් පිරිස් අද වනවිට දක්නට නොමැති බවයි.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් බලකායේ හෝ දක්නට නොමැති බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ ය.
මේ අතර කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරිය පැවසුවේ, වසංගතය මැඩලීමට ක්‍රියා කිරීම ආණ්ඩුවක වගකීමක් පමණක් නොවන බවත් එය සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවත් ය.