by Staff writer 18-11-2020 | 9:27 PM
COLOMBO (News 1st) - විල්පත්තුව වන විනාශයට එරෙහිව ගෙනගිය අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය පරිසර යුක්ති කේන්ද්‍රය අගය කර තිබේ.
ඔවුන් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තර විනාශ කරමින් හිතුමතේ කළ විනාශය වහාම වළක්වා ගැනීම උදෙසා තමන් ගෙන ගිය අරගලයට අද වටිනාකමක් ලැබී ඇති බවයි.
එය බොහෝ පිරිසකගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද පරිසර යුක්ති කේන්ද්‍රය සිහිපත් කර තිබේ.