බෝගම්බරින් පැන්න රැඳවියා අල්ලයි

බෝගම්බරින් පැන්න රැඳවියා දින 14 ක් නිරෝධනයට

by Staff writer 18-11-2020 | 3:44 PM

COLOMBO (News 1st) - බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාරය ආසන්නයේ තිබෙන පළාත් අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ සැඟවී සිටියදී අද දහවල් ඔහු අත්අඩංගුවට ගත් බවය. සැකකරු දින 14 කට නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය. නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පළා යාමට උත්සහ කර තිබේ. එහිදී සිදු කළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙකු මියගොස් තව ත් තුන්දෙනෙකු තුවාල ලැබු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. මිය ගිය රැඳවියා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.