වැලිකඩ රැඳවියන් පිරිසක් වහල මත නැග විරෝධතාවක

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

by Staff writer 18-11-2020 | 4:08 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. 

ඒ, ඔවුනගේ  නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි. බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසී ය.