කේරළ ගංජා කිලෝ 59 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 59 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

by Staff writer 18-11-2020 | 11:46 AM

COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝග්‍රෑම් 59 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් රැගෙන යමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු මෝටර් රථයකින් කේරළ ගංජා කිලෝ 8 යි ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටියදී පෑලියගොඩ ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනුණි. අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදීය. එහි තිබී පොලිස් භාරයට ගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 43 කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් එඩේරමුල්ල හා කෙසෙල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.