අගමැතිතුමනි ඔබට සුබ උපන් දිනයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුනි ඔබට සුබ උපන් දිනයක් !

by Staff writer 18-11-2020 | 9:02 PM

මහින්ද රාජපක්ෂ....

1970 දී සෝල්බරි පාර්ලිමේන්තුවට පැමිණි ළාබාලම මන්ත්‍රීවරයා ඔහුයි. දැලි රැවුලවත් නැති කාලයක පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද දැලි පිහියෙන් කිරි පැණි කන දේශපාලනයේ පන්නරය ලැබුවේය. ගිරුවාපත්තුවේ මැදමුලන වලව්වෙන් කුරහන් සාටකය පැළඳ ජනතාව අතරට පැමිණි බෙලිඅත්තේ පොඩි පුතා, අඩසියවසක් ගෙවුණු තැන සුවිශාල ජනතාවකගේ අප්පච්චි බවට පත්වූයේ ඒ පන්නරය නිසයි. වසර 30 ක යුද්ධය අවසන් කිරීමට දුන් නායකත්වය තුළ ජනතාව ඔහු ඔසවා තැබුවේ ය. වසර 50ක් තුළ ජනතා කතිරයෙන් ඔහු නෙළු අස්වැන්න සාරාංශ කරන්නේ නම්, විපක්ෂ නායක ලෙස අවස්ථා දෙකක්, අගමැති ලෙස අවස්ථා හතරක් සහ ජනාධිපති ලෙස අවස්ථා දෙකක් ඇතුළත් ය. පාද යාත්‍රා, වීදි සටන් හුරු පුරුදු මහින්ද, 2015 පරාජය වී මැදමූලනට ගොස් කෙටි කලකින් නුගේගොඩින් හැමූ මහින්ද සුළඟ සමග යළි කරළියට පිවිසියේ ය. ඒ ප්‍රවේශය නතර වුණේ පොදුජන පෙරමුණ නමින් ප්‍රබල පක්ෂයක් බිහි කර පළාත් පාලන ආයතන සියල්ල ජයගෙන, පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් ගොඩනගා විපක්ෂ නායක ධූරයත්, ආණ්ඩුවක් තිබියදීත් හදිසියේ දින 52 කට අගමැති ධුරයත් අත්පත් කර ගනිමිනි. අතෙන් පටන් ගත් දේශපාලනය නතර වුණේ පොහොට්ටුවෙනි. ඔහු දේශපාලනයට අත් පොතක්.... අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුනි ඔබට සුබ උපන් දිනයක් !