නිරෝධායනය වන පුද්ගලයින් නිවෙස්වලින් බැහැරට යන බවට පොලීසියට ‌තොරතුරු

නිරෝධායනය වන පුද්ගලයින් නිවෙස්වලින් බැහැරට යන බවට පොලීසියට ‌තොරතුරු

නිරෝධායනය වන පුද්ගලයින් නිවෙස්වලින් බැහැරට යන බවට පොලීසියට ‌තොරතුරු

කර්තෘ Staff writer

18 Nov, 2020 | 10:35 am

COLOMBO (News 1st) – ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නිවෙස්වලින් බැහැරව යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 77,531 දෙනකු ස්වයං නිරෝධානයනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර දුර බැහැර ප්‍රදේශවල සිට බස්රථවලින් සහ දුම්රියෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට පැමිණෙන මගීන් එම ප්‍රදේශවල සංචාරය නොකරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

තව ද මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙනීම සම්බනධයෙන් මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 297 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 7 දෙනකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]