දිගන ප්‍රදේශයේ සුළු කම්පන තත්ත්වයක්

දිගන ප්‍රදේශයේ සුළු කම්පන තත්ත්වයක්

දිගන ප්‍රදේශයේ සුළු කම්පන තත්ත්වයක්

කර්තෘ Staff writer

18 Nov, 2020 | 9:57 am

COLOMBO (News 1st) – මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ ඒකක 2.0 ක් පමණ වන බවය.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.28 ට පමණ එම කම්පන තත්ත්වය සිදු ව ඇති බවයි.

එය පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අනුර වල්පොල මහතා පැවසුවේ, මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]