2021 අයවැය සම්පූර්ණ කතාව

2021 අයවැය සම්පූර්ණ කතාව

by Staff writer 17-11-2020 | 5:38 PM
COLOMBO (News 1st): 2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. මෙය මෙරට 75 වැනි අයවැය ප්‍රකාශයයි. සෞභ්‍යගයේ දැක්ම, සාර්ව ආර්ථික වැඩපිළිවෙළට අනුව සමාජයේ සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන පරිදි සියයට 6 ඉක්මවන මැදිකාලීන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම රජයේ ඉලක්කයයි. රජයේ ආදායම හා වියදම අතර සියයට 9 ක පමණ පරතරය සියයට 4 ක මට්ටමකට අඩු කිරීමටද රජය අරමුණු කර තිබේ. ඊට අමතරව ජාතික ආදායමෙන් සියයට 90 ක් වන රාජ්‍ය ණය සියයට 70 ට අඩු කර ගැනීම රජයේ ඉල්කකයයි. ඒ අනුව මෙවර අයවැය යෝජනා කිහිපයක් මෙසේය. * රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමට යෝජනා කරයි. * රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් * විදුලිය නොමැති ගම්වලට සූර්යබලාගාර හෝ ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම මගින් විදුලිය ලබා දී 2021 අවසන් වනවිට සැමට විදුලි ඉලක්කයක් ඉටු කිරීමට ද රු. මිලියන 750 ක් වෙන් කිරීමට යෝජනාවක් * කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අයවැයෙන් යෝජනා. * වරාය හා නැංගුරම් පොළවල් සංවර්ධනය, නවීන බෝට්ටු හා ගැඹුරු මුහුදේ මත්ස්‍ය 2021-2023 මැද කාලය තුළ තවදුරටත් වැඩි කිරීමට යෝජනාවක් * කාන්තා සහ පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ. - අගමැති * කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපොළවලට අවශ්‍ය කිරි ගවයින් මිලදී ගැනීම, පරිසර හිතකාමී ගව මඩු සකස් කර ගැනීම හා උපකරණ මිලදී ගැනීමට 7.5% වාර්ෂික පොලිය යටතේ රු. ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක්. * පුරන් කුඹුරු නොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායි කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීමට දිස්ත්‍රික් ලේකම්ට බලය පැවරෙන සේ ගොවිජන සංවර්ධන පනත සංශෝධනයට යෝජනා කරයි. * වී සඳහා පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් වගා සඳහා කිලෝ 50 ක් රුපියල් 1500 ක සහන මිලට ලබා දීමට සහතික කරයි. * විදේශ රැකියාවල නිරතවන්නන් මෙරට බැංකුවලට එවන විදෙස් විනිමය මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමට ද යෝජනා කරයි. * සංචාරක ව්‍යාපාරික කටයුතුවලදී පාළත් පාලන ආයතන විසින් අයකරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන සිදු කරනවා - අගමැති * සියලුම නගර සභා සහ මහනගර බල ප්‍රදේශවල පරිසර හිතකාමී ඇවිදින මං තීරු ඉදි කිරීමට සැලසුම් කරනවා - අගමැති * සූරියවැව ප්‍රදේශයේ නවීන තාක්ෂණය සහිත ක්‍රීඩා නගරයක් පිහිටුවීමට යෝජනා කරනවා - අගමැති * රැකියා අවස්ථා ශීඝ්‍ර ලෙස ඉල්ලුම් කෙරෙන විෂය ක්ෂේත්‍ර ඉලකක් කර දිස්ත්‍රික්කයකට එක බැගින් වූ නේවාසික නොවන නගර විශ්විද්‍යාල පිහිටුවීමට යෝජනා කරනවා - අගමැති * වෘත්තිය අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කරන සිසුන්ට නිපුණතා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීමට ලක්ෂ 5ක ණය මුදලක් 4%ක වාර්ෂික පොලියක් යටතේ ලබා දීමට යෝජනා කෙරේ - අගමැති * වෘත්තිය අධ්‍යාපනයට බඳවා ගන්නා ලක්ෂයක සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2 දක්වා ඉහළ දැමීමටත්, වෘත්තිය අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කර ගෙන මසකට රු. 4000ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට අමතර රු. මිලියන 3000ක ප්‍රතිපාදනයක් වෙන් කෙරේ - අගමැති * හෙද විදුහල උපාධි පිරිනමන අධ්‍යාපන ආයතනයක් ලෙස උසස් කිරීමට යෝජනා කරනවා - අගමැති * දුෂ්කර පාසල්වලට රූපවාහිනි යන්ත්‍ර මගින් ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව සියලු සිසුන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමට සැලසුම් කෙරේ.. මේ වෙනුවෙන් රු. මිලියන 3000ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ - අගමැති * වතු කම්කරු වැටුප 2021 ජනවාරි මස සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට අයවැයෙන් යෝජනා. * ළඳරුවන් හා ගැබිණි මව්වරුන් සඳහා මාර්තු මාසයේ සිට අඛණ්ඩව ත්‍රිපෝෂ ලබා දීම ‍කඩිනම් සිදු කරනවා - අගමැති * ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 1500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා - අගමැති * සියලුම රාජ්‍ය සේවා සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් ද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනා කරනවා - අගමැති * සේවක සංඛ්‍යාව 50 ඉක්මවන ව්‍යාපාර හා කර්මාන්තවල පිරිවැටුපෙන් 0.25% ක රක්ෂණ දායක මුදලක් අය කිරීමේ යෝජනාවක් - අගමැති * කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනයේදී තාවකාලිකව අහිමි වන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා - අගමැති * මාතර, දෙණියාය ප්‍රදේශයේ වරාය, නාවික, ගුවන් ඉංජිනේරු විෂය කේන්ද්‍ර කර ගත් තාක්ෂණය නාවික විශ්වවිද්‍යාලයක් 2023ට පෙර ඉදි කිරිමේ සැලසුමක් - අගමැති * තාක්ෂණ උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතල පහසුකම්වලට සම්බන්ධ වන අයුරුන් පරිසර හිතකාමී නව නගරවශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා - අගමැති * ගාල්ල, කුරුණෑගල මඩකලපුව, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට යෝජනාවක් - අගමැති * පාස්කු ප්‍රහාරයෙක් කඩා වැ‌ටුණු සංචාරක කර්මාන්තය යළි හිස එසවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දුන් ණය අය කර ගැනීම් 2021 සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා 50%ක භාණ්ඩාගාර ඇපකර අදාළ බැංකුවලට ලබාදීමට ද යෝජනා කරනවා - අගමැති * නාගරික ජනතාවට ස්වභාවික පරිසරයක් ළඟා කර දීමේ අරමුණින් දිවයින පුරා විසිර ඇති මහ නගර සභා සහ නගර සභාවල ඇවිදීමේ මංතීරු සහ ඒ ආශ්‍රිත ප්‍රජා පහසුකම් වැඩි දියුණු කර රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා - අගමැති * සියලු ග්‍රාම නිලධාරීන් කොට්ඨාස ආවරණය වන පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ලබාදීම සඳහා දුරකතන සැපයුම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සමග සන්නිවේදන කුළුණු සහ පහසුකම් ලබාදීමට සැලසුම් - අගමැති * (ඩිජිටල් ශ්‍රී ලංකාවක්) ගමට සන්නිවේදනය වැඩසටහන මුළු රටටම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ටෙලිකොම් සංවර්ධන අරමුදල රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකරීමට සැලසුම් - අගමැති * දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම දිරි ගැන්වීම සඳහා 2021 - 12 - 31 පෙර ලැයිස්තුගත කරන සමාගම්වලට 50% ආදායම් බදු සහන ලබා දීමටත් ඉන් පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් 14%ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරයි. * ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශිකයින් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල සිය සැපයීම්, ඉපයිම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණයවලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීමේ යෝජනාවක් * දැනට සමෘද්ධි බැංකුව විසින් රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇති මුදල්වලින් 90%ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ගේ නේවාසික ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීම සඳහා 7%ක වාර්ෂික පොළියට ණය සැපයීමේ නව සමෘද්ධි ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීමේ යෝජනාවක් * E තක්ෂලාව ඉගනුම් පද්ධතිය යාවත්කාලීන කිරීම හා පළාත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමට පියවර * 2021.12.31ට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන දේශීය සමාගම්වලට 50% ක ආදායම් බදු සහනයක්. * සමෘද්ධි බැංකුව විසින් සෑම සමෘද්ධිලාභියෙකු සඳහා ම සමෘද්ධි ජීවිත ඉතිරිකිරීම් ගිණුම් විවෘත කිරීමටත් සමෘද්ධි ජීවන ආධාරය එම ගිණුමට තැන්පත් කිරීමටත් යෝජනාවක් * පෞද්ගලික අංශයේ බදු උපදේශකයින් හා විගණනකරුවන්, බදු ගෙවන්නන් නියෝජනය කිරීමේදී හා සහතික නිකුත් කිරීමේදී වැරදි බදු වර්තා සකස් කිරිමට හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් සේ සලකා එවැනි බදු උපදේශක සේවා අවංලගු කිරීමට හැකි පරිදි නීති සකස් කිරීමට යෝජනා කෙරේ * කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනයේදී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා - අගමැති * Online ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් 2021 අයවැයෙන් යෝජනා කෙරේ. බදු අභියාචන උසාවියක් ස්ථාපිත කිරීමටත් පියවර. * පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ විශේෂ අවධානය - අගමැති * ඉදිරි වසර 5 තුළ තොරතුරු තාක්ෂණ, නේවාසිකව හා විදේශගතව උපනය විදේශ ආදායම් ද ආදායම් බදුවලින් නිදහස් කෙරේ * ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර කටයුතුවලින් ලැබෙන ආදායම් බදුවලින් නිදහස් කෙරේ * විශේෂ බදු අභියාචනා උසාවියක් ස්ථාපනය කිරීමට යෝජනා කරයි. * දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩ නැගීමේ බද්ද වැනි බදුවලට අදාළ හිඟ බදු ගෙවන්නන්ගේ මූල්‍යමය හැකියාව පදනම් කර ගත් අවසන් හා පූර්ණ විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කෙරේ * සමෘද්ධිලාභීන් වෙනුවෙන් Samurdhi Life Saving ගිණුමක් අරඹනවා - අගමැති * ජාතික ඉතිරි කිරිම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා - අගමැති * බැංකු මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැර භාණ්ඩ ආනයනය, නිෂ්පාදනය හා සේවා සැපයීම් සඳහා ව්‍යාපාර පිරිවැටුප මසකට රුපියල් මිලියන 25 කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8% වැට් බද්ද නොවෙනස්ව පවත්වා ගැනීමට යෝජනා කරයි * * 2020 ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ සරල බදු ක්‍රමය ඉදිරි වසර 5 තුළ නොවෙනස්ව පත්වා ගැනීමට යෝජනා කරයි

සම්පූර්ණ අයවැය කතාව කියවන්න..