තවත් හමුදා කණ්ඩායමක් දකුණු සුඩානයට

මෙරට 7 වන හමුදා කණ්ඩායමත් දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යයි

by Staff writer 17-11-2020 | 1:41 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු සඳහා හමුදා නිලධාරීන් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්, චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පිටත්ව ගිය නිලධාරීන් පිරිසට ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 32 දෙනෙකු සහ ගුවන් හමුදාවේ නිලධාරීන් පනස් දෙදෙනකු ඇතුළත් බවයි. එම පිරිස එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලක රාජකාරී සඳහා අද උදැසන පිටත්ව ගිය බව හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ය. මෙම පිරිස දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව ගිය 7 වන කණ්ඩායමයි. මේ අතර දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි අවසන් කළ තවත් කණ්ඩායමක් ඊයේ දිනයේදී කටුනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියේ ය.