ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වන්න

අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන්න - විපක්ෂ නායක

by Staff writer 17-11-2020 | 12:51 PM

COLOMBO (News 1st) - ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ පී.සී.ආර් යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති ඓතිහාසික මැණික් රජමහා විහාරාධිපති පූජ්‍ය තංගල්ලේ ජිනරතන හිමියන් බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ය.