COVID19: 95% ක් සාර්ථක නව එන්නතක් අමෙරිකාවෙන්

COVID 19 වෛසරයට එරෙහිව 95% ක් සාර්ථක නව එන්නතක් අමෙරිකාවෙන්

by Staff writer 16-11-2020 | 10:19 PM

News 1st - කොවිඩ් 19 වෛරසයට එරෙහිව 95% ක ප්‍රතිඵලදායක එන්නතක් නිර්මාණය කර තිබේ.

ඒ, අමෙරිකාවේ මොඩර්නා නැමැති සමාගමක් විසිනි. දැනට පර්යේෂණ මට්ටමේ සහ අත්හදා බැලීමේ පවතින එන්නත් අතුරින් වැඩිම ප්‍රතිඵලදායක එන්නත මෙය ලෙස සැලකෙනු ඇත. පර්යේෂකයින් අනාවැකි පළ කරමින් කියා සිටියේ, එම එන්නත කොවිඩ් 19 වෛරසය සම්පූර්ණයෙන් අවසන් කිරීමට සමත්වනු ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ එය භාවිත කිරීමට අවසර සහ අනුමැතිය ඉල්ලීමට අපේක්ෂා කරන බව ද අදාළ සමාගම ප්‍රකාශ කළේ ය.