by Staff writer 16-11-2020 | 10:37 PM
COLOMBO (News 1st) - ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම අද සිදු කෙරිණි.
මෙය සිදු කෙරුණේ, ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදීය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ හා ගුවන් හමුදාවේ තව ත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.