පාසල්  ඇරඹෙයි ද?  කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට

පාසල් යළි ආරම්භ කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට...

by Staff writer 16-11-2020 | 4:35 PM

COLOMBO (News 1st) - පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා සඳහන් කළේ, පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය විමසීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා කටයුතු කරනු ඇති බවය. මේ අතර Online ක්‍රමවේදය ඔස්සේ පාසල් අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය පසු විපරම් කිරීමේ වැඩපිළිවළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ අතිරේක ලේකම්වරයා, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. මේ යටතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන්ගේ මාර්ගයෙන් ඒ, ඒ ප්‍රදේශවල Online අධ්‍යාපන කටයුතු සඳහා සිසුන්ගේ සහභාගීත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇත.