by Staff writer 16-11-2020 | 4:24 PM
COLOMBO (News 1st) - කොළඹ නාගරික සීමාවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගත් බව කොළඹ මහනගර සභාව පවසයි.
එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඊයේ දිනයේ නාගරික සීමාවේ පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ බවයි.
ඉන් පී.සී.ආර් පරීක්ෂණ 400 ක ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබේ.
ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් 109 දෙනා බ්ලුමැන්ඩල් හා අලුත්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා ය.