by Staff writer 16-11-2020 | 7:25 AM
COLOMBO (News 1st) – පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි.
ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි.
හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා සඳහන් කළේ ය.
මේ අතර අද උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරිමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එහි දැක්වෙන්නේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශවල දුම්රියන් නොනවත්වා ධාවනය කෙරෙන බවයි.
කෙසේ වෙතත් හුදෙකලා කර ඇති දුම්රිය ස්ථාන අතුරින් කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් සියලු දුම්රියන්වල ගමනාරම්භය සහ ගමනාන්තය සිදු කරනු ඇති.