හෙට සිට Lockdown කරන පොලිස් වසම්..

හෙට සිට Lockdown කරන පොලිස් වසම්..

by Staff writer 15-11-2020 | 7:12 AM

COLOMBO (News 1st) : කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් හෙට(16) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdown) ප්‍රදේශ වශයෙන් නම් කර ති‌බේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12 තවදුරටත් එලෙසම පවතිනු ඇති. එම ප්‍රදේශ 12 මෙසේය. 01.මට්ටක්කුලිය 02.මෝදර 03.බ්ලූමැන්ඩල් 04.කොටහේන 05.ග්‍රෑන්ඩ්පාස් 06.වෙරළබඩ පොලිස්වසම 07.ආදුරුප්පු වීදිය 08.මාලිගාවත්ත 09.දෙමටගොඩ 10.වැල්ලම්පිටිය 11.කෙසෙල්වත්ත 12.බොරැල්ල මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් වසම ද හෙට අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවයි. එම දිස්ත්‍රික්කයේ මීගමුව , ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ, පොලිස් වසම් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇති. එම පොලිස් වසම්වලට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබු සෙසු පොලිස් වසම් අද(15) අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.